විස්මිත ප්‍රඥාව
විස්මිත ප්‍රඥාව
අජාන් පඥ්ඥාවද්ධෝ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජීවිත තොරතුරු සහ ධර්ම දේශනා
කතෘ: පුජ්‍ය ඩික් සීලරතනෝ තුමා (Ajaan Dick Sīlaratano)
පරිවර්තක: ආර්. පී. සමරසිංහ (R. P. Samarasinghe)
මෙම ග්‍රන්ථයෙන් පූජ්‍ය පඥ්ඥාවද්ධෝ ස්වාමීන් වහන්සේගේ ජීවන තොරතුරු සහ උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ හැඳින්වීමක් සිදු කෙරේ. අතිවිශිෂ්ට වූ ජීවන චරිතයක් හිමි වී තිබුණු උන්වහන්සේගේ ඉගැන්වීම්වල ද ඒ ආකාරයේම සුවිශේෂී බවක් පැහැදිලිවම දැක ගැනීමට හැකියාව පවතී. අතීතයේ දී මෙහි සිටි විද්වතුන් බොහෝ දෙනෙකුගේ චරිතාපදානයන් අප්‍රමාණ සංඛ්‍යාවක් කියවා ඇතත්, පඥ්ඥාවද්ධෝ ස්වාමීන් වහන්සේගේ ජීවන චරිතයෙන් අපට උගත හැකි දේ බොහෝය.
ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ
ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ
අධ්‍යාත්මික චරිතාපදානය
කතෘ: පුජ්‍ය අජාන් මහා බූවා ඥානසම්පන්නෝ තුමා (Ajaan Mahā Boowa Ñānasampanno)
පරිවර්තක: ආචාර්ය භික්ඛුනී කුසුමා (Bhikkhuni Kusuma)
ආචාර්ය මන් උතුමා සමකාලීන තායි බුදුදහමේ දැවැන්ත චරිතයකි. උන්වහන්සේගේ යෝගී ජීවිත කාලය තුල පෙන්වූ අසාමාන්‍ය ධෛර්යය සහ අධිෂ්ටානයත් ඉගැන්වීම්වල ඇති සම්මුති විරහිත ප්‍රබල බවත් නිසා උන්වහන්සේ අනුගාමිකයින් අතර සුපතලව ගෞරවයට පාත්‍රවෙයි. සංචාරක භික්ෂුවකගේ ගැබ්ව තිබිය යුතු වූ අතහැරීම හා හුදකළා බව උන්වහන්සේගේත් අරමුණ වූ නිසා බෞද්ධයින් අතර බලසම්පන්න තැනක් උන්වහන්සේට හිමිවී තිබුණි. උන්වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම් වලත් බුදුරජාණන්වහන්සේගේ ස්‌වයං විමුක්තිය සඳහා වූ ආර්ය ගවේෂණය තුලත් යම්කිසි සමාන බවක් දැකිය හැකිය.
සිල්මාතා කායිව්
සිල්මාතා කායිව්
මෑත කාලයේ පහළ වූ රහත් තෙරණිය
කතෘ: පුජ්‍ය ඩික් සීලරතනෝ තුමා (Ajaan Dick Sīlaratano)
පරිවර්තක: භික්ඛු ආනන්ද (Bhikkhu Ananda)
මේ චී කායිව් තුමිය ඊසානදිග තායිලන්තයේ සරල ගැමි ජීවිතයක් ගතකළ තැනැත්තියකි. ඇයට ගිහිජීවිතයෙන් නිදහස් වී උතුම් බුදුදහමට අනුව පිළිවෙත් පිරීමට බොහෝ අපහසුතා ජයගැනීමට සිදුවුණි. නමුත් එවක ඉතා ප්‍රසිද්ධියක් උසුලන භාවනා ගුරු උතුමන් මුණගැසීමට තරම් ඇය වාසනාවන්ත වීය. ඇය තම ගුරුවරුන්ගේ ඉගැන්වීම් ඉතා උනන්දුවෙන් යුතුව හොඳින් සිතට ගෙන පිරිසිදු, නිරායාස අවදිමත් බවක් සහිත සිතක් ඇතිකර ගත්තාය. ඇයගේ නොසැළී පැවැත්ම, ධෛර්යය සහ සහජ ඥානය සහිත ප්‍රඥාවත් සාම්ප්‍රදායික සීමා අභිභවා ගොස් දුකින් නිදහස් වීමට ශක්තියක් වීය.